By SLAF Media ගුවන් හමුදාවට නව රෝහල් සංකීර්ණයක් ගුවන් හමුදා ගුවන්පුර හිදී ඉදිකල නව රෝහල් සංකීර්ණයක් 2014 ජුලි මස 02 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා අතින් විවෘත කරන ලදී.මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි රෝශනි ගුණතිලක මහත්මිය, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය, ඇතුළුව නිලධාරීන් හා සෙසු නිල්යන් ද සහභාගි විය. SHARE