2002 වසරේ විශ්ව රූ රැජිණ හට හෙලි ටුවර්ස් සේවාවේ සේවය

2002 වසරේ විශ්ව රූ රැජිණ වූ රුසියාවේ ඔක්සානා ෆෙඩරෝවා පසුගිය අපේ‍්‍රල් මස 23 වෙනිදා ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර ඇය කොළඹ සිට සීගිරිය දක්වා සිදු කල ගමනේදී ගුවන් හමුදා හෙලිටුවර්ස් ගුවන් ප‍්‍රවාහන සේවාවේ සේවය ලබා ගත්තාය.

ඇය ඇතුළු පිරිස අපේ‍්‍රල් 23 වනදා උදෑසන ගුවන් හමුදා කොළඹ කඳවුරේ "රයිෆල් ග‍්‍රීන්" ක‍්‍රීඩාංගනයෙන් පිටත්ව ගිය අතර එදිනම සවස නැවති පැමිණියහ. විශ්ව රූ රැජිණ ඇතුළු පිරිස ශ‍්‍රී ලංකාවට පැමිණියේ "ඇඩම්ස් බි‍්‍රජ්" (Adams Bridge) නම් වාර්තාමය චිත‍්‍රපටයේ එළි දැක්වීමේ කටයුතු සිදු කිරීම පිණිසය. මෙම අවස්ථාවේ විශ්ව රූ රැජිණ ඇතුළු පිරිස ප‍්‍රවාහනය කරනු ලැබුවේ ගුවන් හමුදා හෙලිටුවර්ස් ප‍්‍රවාහන සේවාවේ එම් අයි 17 හෙලිකොප්ටර් යානා දෙකක් මගිනි.

මෙම ගමනේදී හිටපු විශ්ව රූ රැජිණ ඇතුළු පිරිස පැවසූයේ ශ‍්‍රී ලංකාව අතිශය සොබාව සෞන්දර්යයකින් පිරුණු රටක් බව ගුවනේ සිට බලන කල මනාව දිස් වන බවයි.

සංචාරය අවසානයේදි හිටපු විශ්ව රූ රැජිණ, ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිටුවර්ස් ගුවන් ප‍්‍රවාහන සේවාව සත්කාරක කටයුතු අතින් උසස් වෘත්තීමය තත්වයකින් හෙබි බවත් තමන් හට ඉතාමත් සුහදශීලී ලෙස සත්කාර කටයුතු ඉටු කල බව මාධ්‍ය හමුවේ පැවසූවාය.


2002 වසරේ විශ්ව රූ රැජිණ හට හෙලි ටුවර්ස් සේවාවේ සේවය2002 වසරේ විශ්ව රූ රැජිණ හට හෙලි ටුවර්ස් සේවාවේ සේවය2002 වසරේ විශ්ව රූ රැජිණ හට හෙලි ටුවර්ස් සේවාවේ සේවය2002 වසරේ විශ්ව රූ රැජිණ හට හෙලි ටුවර්ස් සේවාවේ සේවය2002 වසරේ විශ්ව රූ රැජිණ හට හෙලි ටුවර්ස් සේවාවේ සේවය2002 වසරේ විශ්ව රූ රැජිණ හට හෙලි ටුවර්ස් සේවාවේ සේවය2002 වසරේ විශ්ව රූ රැජිණ හට හෙලි ටුවර්ස් සේවාවේ සේවය2002 වසරේ විශ්ව රූ රැජිණ හට හෙලි ටුවර්ස් සේවාවේ සේවය2002 වසරේ විශ්ව රූ රැජිණ හට හෙලි ටුවර්ස් සේවාවේ සේවය2002 වසරේ විශ්ව රූ රැජිණ හට හෙලි ටුවර්ස් සේවාවේ සේවය

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.