අන්තර්සේවා බේස්බෝල් තරඟාවළිය 2014

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට බේස් බෝල් ක‍්‍රීඩාව හඳුන්වා දෙමින් බේස්බෝල් කණ්ඩායමක් ස්ථාපිත කිරීම සහ එම කණ්ඩායම අන්තර් සේවා තරඟාවළියට ඉදිරිපත් කිරීම සිදු කරන ලදී. මේ සඳහා ක‍්‍රීඩකයින් තෝරා ගැනීම  පසුගිය මාර්තු මස 17 සිට 21 දක්වා ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී රිනවුන් බේස් බෝල් පුහුණුකරු වන මලිඳු හේවගේ මහතාගේ මූලිකත්වයෙන් සිදු කරන ලදී.

ඒ අනුව තෝරා ගන්නා ලද බේස් බෝල් කණ්ඩායම මාසයක කාලයක් පුහුණු කර ජූනි මස 19 සිට 21 දක්වා දියගම මහින්ද රාජපක්‍ෂ බේස් බෝල් ක‍්‍රීඩාංගනයේ පැවැත්වෙන අන්තර් සේවා පුහුණූ බේස් බෝල් තරඟ සඳහා ඉදිරිපත් කරන ලද අතර එහිදී තුන්වන ස්ථානය හිමිවිය.


     

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.