රණවිරු රියල් ස්ටාර් 4 වන මෙහෙයුමේ අවසන් තරඟය ජූලි 26 වනදා

රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රණවිරු රියල් ස්ටාර් 4 වන මෙහෙයුමේ මාධ්‍ය සකච්ඡුාවක් පසුගිය 23 වන දා කොළඹ කිංග්ස්බරි හෝටලයේදි පවත්වන ලදී. ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියම රූපවාහිනී වැඩසටහනක් වන රණවිරු රියල් ස්ටාර් තරඟාවලියේ අවසන් මහා තරඟය ජූලි මස 26 වන දින සවස 6.30 සිට සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී පවත්වනු ලබයි.

ඩයලොග් සමාගම පූර්ණ අනුග‍්‍රාහකත්වය දක්වන මෙවර තරඟාවළියේ මේජර් එස්කේටීඩබ් චන්‍ද්‍රකුමාර, කැප්ටන් එම්පීආර්වයි ප‍්‍රනාන්දු, කැප්ටන් පීඒඑන්ඞී සිල්වා, ලාන්ස් කෝප‍්‍රල් කේඑස් සුරංග, ලාන්ස් කෝප‍්‍රල් ඩබ්එල්එම්එස්කේ ලේපොත්දෙණිය යුධ හමුදාව නියෝජනය කරමින්ද, නාවික හමුදාව නියෝජනය කරමින් වෛද්‍ය සහායක බීඒඑස් රිෂී සහ ගුවන් හමුදාව නියෝජනය කරමින් නායක ගුවන් භට එම්ජීඑන්එම්ඞී දයාරත්න අවසන් හත්දෙනා වශයෙන් 26 වෙනි දින තරඟ වදිනු ලබයි.

මෙහි පළමු ජයග‍්‍රාහිකාව හෝ ජයග‍්‍රාහකයාට අවශ්‍ය ප‍්‍රදේශයෙන් සුපිරි නිවාසයක් ද, දෙවන ස්ථානයට මුදලින් රුපියල් මිලියනයක් සහ සුපිරි මෝටර් රථයක්ද, තෙවන ස්ථානයට මුදලින් රුපියල් මිලියන දෙකක ත්‍යාගයක්ද පිරිනමනු ලබයි.


උපුටාගැනීම - www.defence.lk

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.