ආධුනික ශිෂ්‍ය නිළධාරීන් 11 ක් අධිකාරීත්වයට

අංක 64 ශිෂ්‍ය නිළධාරී පාඨමාලාව හැදෑරූ කැඩෙට් නිළධාරීන් 11 දෙනෙකු අධිකාරීත්වයට පත්කිරීම පසුගිය අගෝස්තු මස 7 වන දින දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේදී සිදු කරන ලදී.

මාස දෙකක පුහුණු කාලයකින් අනතුරුව  ආධුනික ශිෂ්‍ය නිළධාරීන් හතරක් ෆ්ලයිට් ලෙෆ්ටිනන් නිලයට හා හත් දෙනෙකු ෆ්ලයිං ඔෆිසර් නිලයට පත්කරන ලදී.
 
සරඹ, අවි පුහුණුව, ක්ෂේත‍්‍ර පුහුණුව, සැඟවීම හා වෙස් වලා ගැනීම, සිතියම් කියවීම, ගුවන් හමුදා නීතිය, ගුවන් හමුදා සංවිධානය හා පරිපාලනය පිළිබඳව මෙම පාඨමාලාවට අන්තර්ගත විය.

ඉංජිනේරු හා වෛද්‍ය වෘත්තියට අදාල වූ ශිෂ්‍ය භටයින් මෙම පාඨමාලාව හදාරන ලදි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.