ගුවන් හමුදා අන්තර් ඒකක පාපැදි තරඟාවලිය -2009

මෙම තරඟාවලිය 2009 දෙසැම්බර් මස 12 වෙනි දින ශ්‍රි ලංකා ගුවන් හමුදාව කටුකුරුන්ද ගුවන් යානා ධාවන පථයේදි පැවති අතර, මේ සඳහා පිරිමි කණ්ඩායම් 14 ක්ද කාන්තා කණ්ඩායම් 04 ක්ද නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 දෙනෙක් පමණ තරඟ වැදුනේය. මෙම තරඟාවලියේ ජය සංකේත ප්‍රධානය සඳහා සහභාගි වු විශේෂිත ආරාධිත අමුත්තන් වුයේ ගුවන් හමුදා විධායක පරීක්ෂණ හා ආරක්ෂණ අධ්‍යක්ෂක එයාර් වයිෂ් මාර්ෂල් ඊ.ජි.ජේ.පී. ද සිල්වා මහතා සහ ගුවන් හමුදා විධායක ක්‍රීඩා නිළධාරි ගෲප් කපිතාන් හර්ෂ ප්‍රනාන්දු මහතායි.

මෙහිදි කාගේත් අවධානයට ලක්වූයේ එක් පාදයක් අහිමි රණවිරුවෙකු, එක් අතක් ආබාධිත සිවිල් සේවක මහතෙකු හා වයස අවු:54 ක් වු සිවිල් සේවක මහතෙකු  ඉතා දක්ෂ ලෙස කණ්ඩයම් තරඟය හා විවෘත තරඟය  නිමකිරීමයි. මෙහි පිරිමි තරඟයේ ශූරතාවය ශ්‍රි ලංකා ගුවන් හමුදාව අනුරාධපුර කඳවුරු කණ්ඩායම හිමි කරගත් අතර කාන්තා තරඟයේ ශූරතාවය ශ්‍රි ලංකා ගුවන් හමුදාව බංඩාරණායක ජාත්‍යන්තර  ගුවන්තොටුපොල කඳවුරු කණ්ඩායම හිමිකර ගන්නා ලදි.


 
SLAF Base Anuradapura Win The Inter-Unit Cycling MeetSLAF Base Anuradapura Win The Inter-Unit Cycling MeetSLAF Base Anuradapura Win The Inter-Unit Cycling MeetSLAF Base Anuradapura Win The Inter-Unit Cycling MeetSLAF Base Anuradapura Win The Inter-Unit Cycling MeetSLAF Base Anuradapura Win The Inter-Unit Cycling MeetSLAF Base Anuradapura Win The Inter-Unit Cycling MeetSLAF Base Anuradapura Win The Inter-Unit Cycling MeetSLAF Base Anuradapura Win The Inter-Unit Cycling MeetSLAF Base Anuradapura Win The Inter-Unit Cycling MeetSLAF Base Anuradapura Win The Inter-Unit Cycling MeetSLAF Base Anuradapura Win The Inter-Unit Cycling MeetSLAF Base Anuradapura Win The Inter-Unit Cycling MeetSLAF Base Anuradapura Win The Inter-Unit Cycling MeetSLAF Base Anuradapura Win The Inter-Unit Cycling MeetSLAF Base Anuradapura Win The Inter-Unit Cycling MeetSLAF Base Anuradapura Win The Inter-Unit Cycling MeetSLAF Base Anuradapura Win The Inter-Unit Cycling MeetSLAF Base Anuradapura Win The Inter-Unit Cycling MeetSLAF Base Anuradapura Win The Inter-Unit Cycling Meet

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.