අන්තර් සේවා බර ඉසිලිමේ තරඟාවළිය 2014

2014 අන්තර් සේවා බර ඉසිලීමේ තරඟාවළිය පසුගිය අගෝස්තු මස 22 වන දින වැලිසර නාවික හමුදා ගෘහස්ත ක‍්‍රීඩාගාරයේදි නිමාවට පත්විය. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා බර ඉසිලීමේ කණ්ඩායම ශූරතාවය දිනා ගැනු ලැබූ අතර පිරිමි බර ඉසිලීමේ කණ්ඩායම අනු ශූරතාවයට හිමිකම් කියනු ලැබීය.

මෙහිදී ගුවන් හමුදා බර ඉසිලීමේ ක‍්‍රීඩක නායක ගුවන් භට පීටර්ස් එස්එම් විසින් ක්ලීන් අන්ඞ් ජර්ක් ක‍්‍රමයට ක‍්‍රි. ග‍්‍රෑම් 105 බර පන්තිය යටතේ නව ශ‍්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

ගුවන් හමුදා කාන්තා බර ඉසිලීමේ කණ්ඩායම රන් පදක්කම් 4 ක් රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 1 ක් සමගින් ප‍්‍රසාද ලකුණු 27 ක් ලබා තරඟාවළියේ ශූරතාවයට හිමිකම් කියන ලදී. එසේම පිරිමි බර ඉසිලීමේ කණ්ඩායම රන් පදක්කම් 2 ක් සහ රිදී පදක්කම් 5 ක් සමගින් ප‍්‍රසාද ලකුණු 25 ක් ලබා අනුශූරතාවය දිනා ගන්නා ලදී.

ශ‍්‍රී ලංකා නාවික හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ රියර් අද්මිරාල් ලලිත් ඒකනායක ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.