ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ නියෝජිත මණ්ඩලයක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක

ඉන්දීය ආරක්‍ෂක විද්‍යාලයේ 54 වන පාඨමාලාවේ නියෝජිතයින් 18 දෙනෙකු පසුගිය අගෝස්තු මස 26 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය. ඉන්දියාව, මියන්මාර්ය, ටියුනීසියාව,  ඕමානය, නයිජීරියාව, ඊශ‍්‍රායලය සහ ප‍්‍රංශය නියෝජනය කරමින් ති‍්‍රවිධ හමුදා නිළධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය. එයාර් වයිස් මාර්ෂල් විපින් ඉන්දිරා පද්මනාභන් නියෝජිත මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන අතර ශ‍්‍රී ලංකාවේ ඉන්දීය ආරක්‍ෂක නියෝජිත කැප්ටන් ප‍්‍රකාශ් ගෝපලන් නියෝජිත මණඩලයට අනුබද්ධව කටයුතු කරනු ලබයි.

ගුවන් හමුදා පුහුණු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එන්එච්වී ගුණරත්න විසින් නියෝජිත පිරිස ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය වෙත පිළිගන්නා ලදී.  මෙහිදී ගෲප් කැප්ටන් යූඑච් රාජපක්‍ෂ විසින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ කාර්යභාරය හා අනාගත සැලසුම් පිළිබඳව දේශනයක් පවත්වන ලදී. අනතුරුව මෙම නියෝජිත පිරිස ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල හමුවිය.

ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී තුමන් සහ එයාර් වයිස් මාර්ෂල් විපින් ඉන්දිරා පද්මනාභන් සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද සිදුකරන ලදී. ගුවන් හමුදා භූමි මෙහෙයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් කේ යහම්පත්, ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් පීඞීජේ කුමාරසිරි, සුභ සාධක අධ්‍යක්‍ෂක එායාර් වයිස් මාර්ෂල් එම්එල්කේ පෙරේරා සහ සැපයුම් අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් ඞීඑල්එස් ඩයස් මෙම අවස්ථාවට සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.