පාකිස්තාන ගුවන් හමුදාධිපතිතුමන් රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සංචාරය කරයි

ශ‍්‍රී ලංකාවේ සංචාරයේ නිරත වන පාකිස්තාන ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් තාහිර් රෆීක් බට් පසුගිය අගෝස්තු මස 28 වන දින රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සංචාරයක නිරත විය. එහිදී රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ගරු ලේකම් ගෝඨාභය රජපක්‍ෂ මැතිතුමන් හමවිය.

එසේම පාකිස්තාන ගුවන් හමුදාධිපතිතුමන් ත‍්‍රිවිධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරාල් ජගත් ජයසූරිය, යුධ හා නාවික හමුදාධිපතිවරුන්ද හමුවිය. යුධ හා නාවික හමුදා මූලස්ථානයන්හිදී පාකිස්තාන ගුවන් හමුදාධිපතිතුමන් හට උත්තමාචාර පුද කිරීමක්ද සිදු කර සිදු කරන ලදී. සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද මෙහිදි සිදු කරන ලදී.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.