හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකයෙන් වැඩමුළුවක්

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය මගින් විශේෂ වැඩමුළුවක් පසුගිය දා කඳවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිනී පියමාලි වික‍්‍රමරත්න මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී.

මෙහිදී දොස්තර දිමුතු පෙරේරා විසින් හරවත් දේශනයක් පවත්වන ලදී. අතර රමනී රම්‍යලතා මහත්මිය විසින් හතු වගාව පිළිබඳව දේශනයක් පවත්වන ද අතර ඉවුම් පිවුම් පිළබඳව දැනුවත් කිරීමක්ද ඇය විසින් සිදු කරන ලදී. නිළධාරිනියන්, ගුවන් කාන්තාවන්, කඳවුරු සේවා පුද්ගලයින්ගේ භාර්යාවන් සහ සිවිල් සේවික මහත්මීන් 150 දෙනෙකුට අධික පිරිසක් සහභාගී විය. හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් සම්පත් වික‍්‍රමරත්න ඇතුළු නිළධාරීන්ද මෙම අවස්ථාවට සහභාගී විය.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.