අන්තර් ඒකක ස්කොෂ් තරඟාවළියේ ජය කටුනායක කාර්මික එකමුතුවට

රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් ක‍්‍රීඩා සංකීර්ණයේ පසුගිය අගෝස්තු මස 29 වන දින පැවති ගුවන් හමුදා අන්තර් ඒකක ස්කොෂ් තරඟාවළියේ ශූරතාවය දිනාගැනීමට කටුනායක ගුවන් හමුදා කඳවුරු කාර්මික එකමුතුව සමත් විය.

තරඟාවළියේ අනුශූරතාවය රත්මලාන ගුවන් හමුදා කඳවුරු කාර්මික එකමුතුව විසින් හිමි කරගන්නා ලදී. ගුවන් හමුදා විද්‍යුත් හා විදුලි සංදේශ අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් රොහාන් පතිරගේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ගුවන් හමුදා ස්කොෂ් සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ලාල් පෙරේරා සහ රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් රවී ජයසිංහ ඇතුළු නිළධාරීන් නිළධාරිනියන් සහ සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවටට සහභාගී විය.

ශූරතාවයට හිමිකම් කියූ කටුනායක ගුවන් හමුදා කඳවුරු කාර්මික එකමුතු කණ්ඩායමට ගෘප් කැප්ටන් එච්යු විජේවීර, ස්කොඩ‍්‍රන් ලීඩර් එල්එම්සීබී නිස්සංක, ස්කොඩ‍්‍රන් ලීඩර් එම්සීඑම් ප‍්‍රනාන්දු, ෆලයිට් ලෙෆ්ටිනන් එච්එම්ටීකේ හේරත්, ෆ්ලයිං ඔෆිසර් ඒජීබීපී කුමාරසිංහ සහ ෆ්ලයිං ඔෆිසර් පීජීඑම් වීරසිංහ ක‍්‍රිඩා කරන ලදී.

අනුශූරතාවය දිනූ රත්මලාන ගුවන් හමුදා කඳවුරු කාර්මික එකමුතු කණ්ඩායමට ගෘප් කැප්ටන් එච්එම්බී හේරත්, විංග් කමාන්ඩර් එස් විතාරණ, ස්කොඩ‍්‍රන් ලීඩර් ඞීඑල් හේවාවිතාරන, ස්කොඩ‍්‍රන් ලීඩර් ඞීඅයි විජේතිලක, ස්කොඩ‍්‍රන් ලීඩර් ඞීඊ ගීගනගේ, ස්කොඩ‍්‍රන් ලීඩර් ඞීඑල්එ් මානගේ සහ ෆ්ලයිට්  ලෙෆ්ටිනන් ඩබ්සීඑම් දයාරත්න ක‍්‍රිඩා කරන ලදී.

තරඟ ප‍්‍රථිපල


ආධුනික පිරිමි
ශූරතාවය - වසන්ත කුමාර සිල්වා මහතා
අනු ශූරතාවය - ෆ්ලයිට් ලෙෆ්ටිනන් එච්එම්ටීකේ හේරත්

ආධුනික කාන්තා
ශූරතාවය - ගුවන් භට ඒකනායක ඊඑම්ආර්ජී
අනු ශූරතාවය - නායක ගුවන් භට වත්තේගම ඩබ්ජීජේසී

පිරිම් විවෘත

ශූරතාවය - නායක ගුවන් භට ද සිල්වා එච්ඒඑස්
අනු ශූරතාවය - කෝප‍්‍රල් කුමාර එම්ඞීටීඩබ්

පිරිම් අවු. 35ට වැඩි
ශූරතාවය - බලපන්ති සැරයන් විජේතුංග පීපීකේ
අනු ශූරතාවය - ගෘප් කැප්ටන් එච්යු විජේවීර

පිරිම් අවු. 45ට වැඩි
ශූරතාවය - ගෘප් කැප්ටන් එච්යු විජේවීර
අනු ශූරතාවය - ගෘප් කැප්ටන් එච්එම්බී හේරත්


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.