ආරක්‍ෂක සේවා වෙරළ වොලිබෝල් තරඟාවළිය 2014

පසුගිය සැප්තැම්බර් මස 1 වන දින මීගමුව වෙරළ උද්‍යානයේදී පැවති ආරක්‍ෂක සේවා වෙරළ වොලිබෝල් තරඟාවළියේ ශූරතාවය දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි සහ කාන්තා වෙරළ වොලිබෝල් කණ්ඩායම් සමත්කම් දක්වන ලදී. එසේම ගුවන් හමුදා වෙරළ වොලිබෝල් කණ්ඩයම් මෙවර ශූරතාවය දිනා ගනු ලැබුවේ තුන් වන වරට වීම විශේෂත්වයකි. පසුගියදා ගුවන් හමුදා ගෘහස්ථ වොලිබෝල් කණ්ඩායම්ද වොලිබෝල් ශූරතාවයන්ට හිමිකම් කියන ලදී.

කාන්තා අවසන් තරඟයේදී ගුවන් හමුදාවේ කෝප‍්‍රල් ගුණවර්ධන කේකේජීඑල් සහ නායක ගුවන් කාන්තා ප‍්‍රසාදිනී ජේඑච්ඞී විසින් නාවික හමුදාවේ බීජීඑස් ගුණසිංහ සහ එච්එම්එස්එම් හේරත් 21-08 සහ 21-07 ක් ලෙස පරාජය කරන ලදී. පිරිමි අවසන් තරඟයේදී ගුවන් හමුදාවේ සැරයන් කුමාර එම්එල්ඒපී සහ සැරයන් ඒකනායක විසින් යුධ හමුදාවේ ටිරෝන් ප‍්‍රනාන්දු 21-17 සහ 21-16 ක් ලෙස පරාජය කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යත් සහ විදුලි සංදේශ අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ආර් ජේ පතිරගේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.