ආරක්‍ෂක සේවා පාපැදි තරඟාවළියේ ජය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි කණ්ඩායම 2014 ආරක්‍ෂක සේවා පාපැදි තරඟාවළියේ ශූරතාවය හිමි කර ගැනීමට පසුගිය සැප්තැම්බර් මස 06 වන දින සමත් විය.
 
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මෙවර ආරක්‍සක සේවා පාපැදි තරඟාවළිය ජය ගැනු ලැබුවේ වසර නවයකට පසුවීම විශේෂත්වයකි. තරඟය කොළඹින් ආරම්භ වී ගන්නෝරුව යුධ හමුදා කඳවුර ඉදිරිපිටින් අවසන් විය. තරඟයේ සාමාන්‍ය වේගය පැයට කි.මී. 40 ක් ලෙස සටහන් විය. 

ශ‍්‍රී ලංකා වෙරළාරක්‍ෂක අද්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් එස්එස් රණසිංහ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ගුවන් හමුදා පාපැදි සංගමයේ සභාපති එයාර් කොමඩෝර් සුමංගල ඩයස් ඇතුළු නිළධාරීන් සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී විය.

ඒකල දක්‍ෂතාවයන්
පළමු ස්ථානය - නායක ගුවන් භට වර්ණකුලසූරිය ඩබ්ඩීබී
දෙවන ස්ථානය - ගුවන් භට ප‍්‍රනාන්දු එම්එන්එන්
තුන්වන ස්ථානය - නායක ගුවන් භට සිල්වා පීජේඑම්ජේ

කණ්ඩායම් දක්‍ෂතාවයන්
පළමු ස්ථානය - ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ”ඒ” කණ්ඩායම
දෙවන ස්ථානය - ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ”බි” කණ්ඩායම

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.