”ගුවන් ලක් සෙවන” ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා නිවාස ව්‍යාපෘතිය

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ක‍්‍රියාත්මක ”ගුවන් ලක් සෙවන” නිවාස ව්‍යාපෘතියේ එක් අදියරයක් පසුගිය සැප්තැම්බර් මස 11 වන දින ශ‍්‍රි ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදි. 

මෙහිදී ගාල්ල හබරාදූව ප‍්‍රදේශයේ පදිංචි 18774 සැරයන් ප‍්‍රීති කුමාර ඞීජීජේ හට ප‍්‍රදානය කිඍීමට නියමිත නිවාසය සඳහා මුල්ගල තැබීම මෙදින සිදු කරන ලදි. ”ගුවන් ලක් සෙවන” ව්‍යාපෘතිය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ආරම්භ වුණු නව වැඩසටහනක් වන අතර ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් එය මෙහෙයවනු ලබයි. මෙහිදී නිවාසයක් ලැබීමට වඩාත්ම සුදුසු සේවා පුද්ලගලයන් හට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සම්පූර්ණයෙන්ම සාදවා නිම කර දෙනු ලබන නිවසක් හිමිවේ. මෙහි පළමු අදියර යටතේ නව නිවාස 15 ක් සාදා දීමට නියමිතය.

ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් එම්එල්කේ පෙරේරා, කොග්ගල ගුවන් හමුදා කඳවුරු වැඩබලන අණදෙන නිලධාරී ස්කොඞ්රන් ලීඩර් කේසී ද සිල්වා සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ නිළධාරීන් රැුසක්ද මෙම අවස්ථාවට එක්විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.