ගුවන් හමුදාධිපතිතුමා ”මිහිඳු සෙත් මැදුරේ” සංචාරයක

රට කුරිරු ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගැනීමේ මානුෂීය මෙහෙයුමේදී විවිධ අයුරින් අබාධයන්ට ලක්වූ වීරෝධාර රණවිරුවන් රැඳී සිටිනා ”මිහිඳු සෙත් මැදුරේ” සංචාරයක ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක නිරතවිය. මෙම සංචාරය සැප්තැම්බර් මස 12 වන දින ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි රොෂානි ගුණතිලක මැතිනියගේ පූර්ණ කළමනාකාරීත්වයෙන් හා සංවිධානයෙන් පැවැත්වුණි.

මෙහිදී මෙම සංචාරය වර්ණවත් කරමින් ගුවන් හමුදා සංගීත කණ්ඩායමේ හා නර්තන කණ්ඩායමේ ඉදිරිපත් කිරීම් රැසක් සිදුවීම විශේෂත්වයකි. 

තවද මෙම අවස්ථාවට රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරි එයාර් කොමඩෝර් පිඩීකේටී ජයසිංහ, සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් හා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ සේවා පුද්ගලයින් රැසක් එක්විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.