නායකත්ව සංවර්ධන වැඩසටහන

නුවර ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙලේ පාසල් 12 ක් නියෝජනය කරමින් නායකත්ව සංවර්ධන වැඩසටහනක් පසුගිය සැප්තැම්බර් මස 12 වන දින ධර්මරාජ විද්‍යාලයේදී පවත්වන ලදී. කාන්තා සහ පිරිමි පාසල් 12 ක් නියෝජනය කරමින් 120 දෙනෙකු පමණ සහභාගී අතර නිළධාරීන් 7 දෙනෙකු විසින් එය මෙහෙයවන ලදී. 

එයර් කොමඩෝර් සාගර කොටකදෙණිය නායකත්වය ගනු ලැබූ මෙම කණ්ඩායමට ගෲප් කැප්ටන් ජාබිර්, විංග් කමාන්ඩර් ප‍්‍රදීප් ප‍්‍රනාන්දු, විංග් කමාන්ඩර් මනෝජ් කැප්පෙටිපොල, විංග් කමාන්ඩර් සම්පත් හේවාවසම්, ස්කෛාඞ්රන් ලීඩර් ශ්‍යාම් රණසිංහ සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන් විලූදනී යටවර සමාජිකත්වය දරන ලදී. මහනුවර පාසල් ආදි ශිස්‍ය සංගමය විසින් මේ සඳහා අනුග‍්‍රාහකත්වය දක්වන ලදී. ගුවන් හමුදාව වෙනුවෙන් මෙම වැඩසටහන් මෙහෙයවීම සහ සංවිධානය කිරීම එයාර් කොමඩෝර් ජයසිරි අමරසේන විසින් සිදු කරන ලදී. 

වැඩසටහන අවසානයේ සහතික පත‍්‍ර ප‍්‍රධානයක්ද සිදු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.