ශ‍්‍රී ලංකා සුපර් ශ්‍රේණි - කටුකුරුන්ද සර්කිට් මීට් 2014

ශ‍්‍රී ලංකා සුපර් ශ්‍රේණි - කටුකුරුන්ද සර්කිට් මීට් 2014 මෝටර් රථ හා යතුරු පැදි තරඟාවළිය පසුගිය සැප්තැම්බර් මස 14 වන දින ශ‍්‍රි ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද ධාවන පථයේදී නිමාවට පත්විය. මෙම තරඟාවළිය කාල්ටර් මෝටර් රථ ක‍්‍රීඩා සමාජය, ආසියානු රේසිං මෝටර් රථ ක‍්‍රීඩා සමාජය, ශ‍්‍රි ලංකා රේසිං මෝටර් රථ හා යතුරුපැදි ධාවකයින්ගේ සංගමය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ඇතිව සංවිධානය කරනු ලැබිණි.

ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මැතිණිය, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක සහ එම මැතිණිය රොෂානි ගුණතිලක, ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රේසිං ධාවක සංගමයේ සභාපති එයාර් කොමඩෝර් ජේඑස් අයි විජේමාන්න, කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් බීඒඑම්පී බාලසූරිය මෙම අවස්ථාවට සහභාගී විය. 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.