අන්තර් ඒකක හොකී තරඟාවළිය 2014

ඒකල ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල විසින් 2014 අන්තර් ඒකක ද්විත්ව හොකී ශූරතාවය දිනාගැනීමට පසුගිය සැප්තැම්බර් මස 18 වන දින සමත්කම් දක්වන ලදී. ඒකල ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී පැවැත්වුණු මෙම තරඟාවළියේදී අනුශූරතාවය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ කඳවුර විසින් දිනා ගන්නා ලදී.

ද්විත්ව හොකී ශූරතාවය ඒකල ගුවන් හමුදා කඳවුරු හොකී කණ්ඩායම විසින් දිනා ගනුලැබුවේ පිට පිටම හත්වෙනි වතාවට වීම විශේෂත්වයකි. ශ‍්‍රි ලංකා හොකී සංගමයේ සභාපති නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ ප‍්‍රදාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හොකී සංගමයේ සභාපති එයාර් මාර්ෂල් කේවීබී ජයම්පති, කොලඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩොර් ප‍්‍රසන්න පායෝ, ගුවන් හමුදා ඒකල කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ආර් සේනානායක ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.