ජාතික පාපැදි ශූරතාවය 2014

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සංචිතය පසුගියදා පවත්වනු ලැබූ ජාතික පාපැදි ශූරතාවයේ අංශ කිහිපයකම ජයග‍්‍රහණ වාර්ථා කිරීමට සමත් විය. නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගණය ඉදිරිපිටින් ආරම්භ වූ මෙම තරඟාවළිය සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 72 කු පමණ සහභාගී විය.

ක‍්‍රීඩා අමාත්‍යා පෞද්ගලික ලේකම් වීරසිංහ අලූත්ගමගේ මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ශ‍්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති ඇතුළු නිළධාරීහු රැුසක් මෙම අවස්ථෘවට සහභාගී වූහ.

ජාතික පාපැදි ශූරතාවය 2014 තරඟාවළියේ ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා
ඒකල කාල ගණනය කිරීම (පිරිමි)
පලමු ස්ථානය - නායක ගුවන් භට බුද්ධික වර්ණකුලසූරිය
දෙවන ස්ථානය - නායක ගුවන් භට ඬේන් නුගේරා

ඒකල කාල ගණනය කිරීම (කාන්තා)
දෙවන ස්ථානය - නායක ගුවන් කාන්තා සුධාරික ප‍්‍රියදර්ශනී
තෙවන ස්ථානය - නායක ගුවන් කාන්තා දිනේෂා දිල්රුක්‍ෂි

23 න් පහල (පිරිමි)
දෙවන ස්ථානය - ගුවන් භට නිපුන ශිරාන්

මාර්ග තරඟය (කාන්තා)
පලමු ස්ථානය - නායක ගුවන් කාන්තා දිනේෂා දිල්රුක්‍ෂි
දෙවන ස්ථානය - නායක ගුවන් කාන්තා සුධාරික ප‍්‍රියදර්ශනී
තෙවන ස්ථානය - නායක ගුවන් කාන්තා නිමාෂා සිල්වා

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.