ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක වොලිබෝල් තරඟාවලිය - 2014

ශ‍්‍රී ලංකා ගුවන් හමහදා අන්තර් ඒකක වොලිබෝල් තරඟාවළිය පසුගිය නොවැම්බර් මස 14 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ක‍්‍රීඩා සංකීර්ණයේදී නිමාවට පත්විය. එහිදී චීනවරාය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විද්‍යාපීඨ කඳවුර සහ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොල ගුවන් හමුදා කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවය දිනාගන්නා ලදී. වන්නි ගුවන් හමුදා කඳවුරු සහ කටුනායක ගුවන් හමුදා කඳවුරු අංක 26 රෙජිමේන්තු පක්‍ෂාංගය පිළිවෙලින් පිරිමි සහ කාන්තා අනුශූරතාවයන්ට හිමිකම් කියන ලදී.

ශ‍්‍රී ලංකා වොලිබෝල් සංගමයේ නියෝජ්‍ය ලේකම් රත්නමුදලි මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි  වු අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වොලිබෝල් සංගමයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ආර්ජේ පතිරගේ, බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොල ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් එච්එන් අබේසිංහ, ගුවන් හමුදා නිළධාරින් සහ සෙසු නිළයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.