කොළඹ ගුවන් හමුදා පෙර පාසල් විවිධ ප්‍රසංගය උත්සවාකාරයෙන් නිමාවට පත්වේ

ගුවන් හමුදා කොළඹ කදවුරේ සේවා වනිතා ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන ජාත්‍යන්තර පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය  2014 නොවැම්බර් මස 12 වන දින වර්ණවත් ලෙස නිමාවට පත් විය. මෙම අවස්ථාව සඳහා  ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස ගුවන් හමුදා සේවා වනිතා එකකයේ ගරු සභාපතිනි රොෂානී ගුණතිලක මැතිනිය සහභාගී විය.

කුඩා කල පටන්ම දරුවන්ගේ කායික හා මානසික සංවර්ධනය වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් මෙම පෙර පාසල් දරුවන් වෙනුවෙන් ලබාදෙනු ලබයි. පුරා වසරක් මුළුල්ලේ උගත් දේ ක‍්‍රියාවට නංවමින් නැටුම්, ගැයුම්, වැයුම්, සරඹ සහ නාට්‍ය ආදී විවිධ අංගයන් ඉදිරිපත් කරමින් පෙර පාසල් දරුවන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද අවසන් අධ්‍යාපනික ප‍්‍රසංගය පැමින සිටි පිරිස් අමානන්දයට පත්කිරීමට සමත් විය.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.