විශ්ව විද්‍යාල සිසුන් සඳහා වූ නායකත්ව ගුණාංග සහ ධනාත්මක චින්තන පාඨමාලාවක් දියතලාව ගුවන් හමුදා කඳවුරේදී

විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ දරු දැරියන් උදෙසා පවත්වනු ලැබූ නායකත්ව ගුණාංග සහ ධනාත්මක චින්තනය වැඩිදියුණු කිරීම තුන්වන පාඨමාලාව නොවැම්බර් මස 18 වන දින දියතලාව ගුවන් හමුදා කඳවුරේදී කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩොර් ඞීජේසී වීරකෝන් ගේ ප‍්‍රධානත්වයෙන් නිමාවට පත්විය. මෙම පාඨමාලාව 2014 ඔක්තෝබර් මස 30 වන දින අරම්භ කරන ලදී.

මෙම පාඨමාලාව මගින් විශ්ව විද්‍යාල ප‍්‍රවේශ ලැබූ සිසු දරු දැරියන්ගේ පෞරෂ වර්ධනය නායකත්ව ගුණාංග වැඩි දියුණු කිරීම සිදු කරන ලදී. පාඨමාලාවන් අතරතුරදී උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත‍්‍ර ඒකනායක මහතා,  සුනිල් ගුණවර්ධන මහතා සහ කේජී බද්‍රා ගුණවර්ධන මහත්මිය සංචාරයන් සිදු කරන ලදී.

මෙහිදී සිසු දරු දැරියන් විසින් ඉදිරිපත් කරන ලද සරඹ සංදර්ශනය උළෙල වර්ණවත් කරන ලදී. මෙම වර්ණවත් සරඹ සංදර්ශනය පුහුණු කිරීම සඳහා ගුවන් හමදා සරඹ උපදේශකයින් ඉමහත් වෙහසක් දරන ලද අතර ඉතා කෙටි කාලයක් තුළදී අති සාර්ථක ලෙස සරඹ පුහුණු කිරීම සිදු කරන ලදී. ”ස්නෝ ෆැන්ටසි” තේමාව යටතේ පවත්වනු ලැබූ විනෝදාත්මක වැඩසටහන් මාලාවද සිසු දරු දැරියන්ගේ සැඟවුණු කුසලතාවයන් එළි දැක්වීමක් විය.

මෙම අවස්ථාවට ගුවන් හමුදා පුහුණු අධ්‍යක්ෂක එයාර් වයිෂ් මාර්ෂල් විජිත ගුණරත්න, ආධුනිකයන් බදවාගැනිමේ ප‍්‍රධාන නිලධාරි  එයාර් කොමඩෝර් ලැබ්‍රෝයි, දියතලාව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර්   ඞීජේසී වීරකෝන් , ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.