අනුරාධපුර කඳවුරු සේවා වනිතා ඒකකය මුල්ලේරියාව මානසික රෝහලේ වාට්ටු අංක 03 හි සංචාරයක්

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මැතිණියගේ අනුදැනුම මත අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය නොවැම්බර් මස  මුල්ලේරියාව වාට්ටු අංක 03 හි සංචාරයක නිරත විය. මෙහිදී ශ‍්‍රමදාන ව්‍යාපාරයක්ද පවත්වන ලදී.

ඊට අමතරව අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය මගින් රොගීන් සදහා අත්‍යාවශ්‍ය උපකරණ හා දිවා ආහාරය ලබාදීම ද සිදුකරන ලදී.

අනුරාධපුර කඳවුරු වැඩබලන අණදෙන නිළධාරී වින්ග් කමාන්ඩර් ආර්පී කොඩිප්පිලි, අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිනී දිලිනි වානගුරු මහත්මිය, උප සභාපතිනි නිල්මිනි කොඩිප්පිලි මහත්මිය අනුරාධපුර කඳවුරේ නිළධාරීන්, නිළධාරිනියන් සහ සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.