පෙර පාසල් දරුවන්ට අක්‍ෂි සායනයක්

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන්පුර පෙර පාසලේ දරුවන් සඳහා අක්‍ෂි සායනයක් පසුගිය නොවැම්බර් මස 19 වන දින ගුවන් පුර ගුවන් හමුදා පෙරපාසල් පරිශ‍්‍රියේදී පවත්වන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මැතිණියගේ අදහසකට අනුව කොළඹ විෂන් කෙයාර් ඔප්ටිකල් පුද්ගලික සමාගම සහ එක්ව මෙම සායනය පවත්වන ලදී.

දරුවන් 46 දෙනෙකු පමණ සහභාගී වූ මෙම අක්‍ෂ සායනය විෂන් කෙයාර් පුද්ගලික සමාගමේ අක්‍ෂි විශේෂඥ විරංග පෙම්සිරි මහතා විසින් මෙහෙයවන ලදී. මෙහිදී කන් පරීක්‍ෂා කිරීමද සිදුකරන ලදී. එසේම දෙමාපියන් සහ ගුරුවරුන් වෙනුවෙන් අක්‍ෂි සහ කන් සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩමුළුවක්ද පවත්වන ලදී.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මැතිණිය සහ ගුවන් හමුදා කොළඹ ක\වුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එම්ඒඞීපී පායෝ මෙහි සමාරම්භක උත්සවයට සහභාගී විය.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.