අන්තර් ඒකක බර ඉසිලීමේ තරඟාවළිය 2014

අන්තර් ඒකක බර ඉසිලීමේ තරඟාවළිය පසුගිය නොවැම්බර් මස 19 වන දින ඒකල ගවන් හමුදා කඳවුරේදී නිමාවට පත්විය. එහිදී ලකුණු 19 ක් ලබාගනිමින් රත්මලාන ගුවන් හමුචා කඳවුර සහ ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල පිරිමි ශූරතාවය දිනාගන්නා ලද අතර ප‍්‍රසාද ලකුණු 17 ක් ලබා ගත් ඒකල ගුවන් හමුදා කඳවුර කාන්තා ශූරතාවය දිනාගන්නා ලදී.

මෙහිදී ප‍්‍රසාද ලකුණු 11 ක් ලබාගත් බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුර හා ප‍්‍රසාද ලකුණු 12 ක් ලබා ගත් රත්මලාන ගුවන් හමුදා කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා අනුශූරතාවය දිනා ගන්නා ලදී.

මෙවර තරඟාවළිය සඳහා බර පංතීන් 8 ක් යටතේ පිරිමි තරඟකරුවන් 64 දෙනෙකු සහ කාන්තා තරඟකාරියන් 17 දෙනෙකු සහභාගී විය. නායක ගුවන් භට අප්පුහාමි එම්ඒඞීටීජී හා ගුවන් කාන්තා රොෂානි ආර්ඒඞීඑස් දක්‍ෂතම බර ඔසවන්නා සහ ඔසවන්නිය ලෙස තේරී පත්විය.

ගුවන් හමුදා ස්කොෂ් සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් එම්එල්කේ පෙරේරා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.