ජලයෙන් යට වූ සෝමාවතී පුදබිමේ සිටි බැතිමතුන්ගේ ආරක්ෂාවට ගුවන් හමුදාව පැමිණෙයි

පසුගිය 09 වන දින ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් සෝමාවතිය  චෛත්‍ය අවටප්‍රදේශයන්හී මාර්ග සියල්ල ජලයෙන් යට වී ගංවතුර තත්වයක් ඇතිවී තිබේ. මේ හේතුවෙන් සෝමාවතිය චෛත්‍ය වැද පුදා  ගැනීමට පැමිණ සිටි විශාල පිරිසක් ගංවතුරට කොටු විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව බෙල් 212 හෙලිකොප්ටර් යානා මගීන් කොටුවී සිටින ජනතාවට බිස්කට් හා පානීය ජලය ලබා දුන් අතර අසාධ්‍ය තත්වයේ පසු වූවන් ගුවනින් රෝහල් කරා රැගෙන යන ලදී.

ගුවන් හමුදා ආපදා කලමණාකරන කණ්ඩායමේ සහයද මේ සදහා ලබා ගත් අතර ඔවුන් මෙවැනි හදිසි ආපදා තත්වයන්හිදී ක්‍රියා කලයුතු ආකාරය පිළිබද සුවිශේෂී පුහුණුව ලත් පිරිසකි.  



    

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.