ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවෙන් හන්තාන කඳු මුදුනේ විශේෂ භාණ්ඩ ප‍්‍රවාහන මෙහෙයුමක්

ශි‍්‍ර ලංකා ගුවන් හමුදාව හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් සිදුකර කරන ප‍්‍රවාහන මෙහෙයුම් වල සාර්ථකත්වය හා පළපුරුදු බව තව දුරටත් ප‍්‍රදර්ශනය කරමින්     විදුලි බල මණ්ඩලයේ හදිසි අවශ්‍යයතාවයක් සපුරාලමින් ට‍්‍රාන්ස්ෆෝමර් යන්ත‍්‍ර දෙකක් හන්තාන කදුමුදුන වෙත ප‍්‍රවාහනය කිරීිම ශි‍්‍ර ලංකා ගුවන් හමුදා අංක 06 පියාසර හෙලිකෝප්ටර් බලඝණය දෙසැමිබර් 01 වන දින සමත් විය.

 ගුවන් යානයේ එල්ලාගත් ට‍්‍රාන්ස්ෆෝමර් යන්ත‍්‍රයන් අවස්ථා දෙකකදි  කඳුමුදුන වෙත රැුගෙන පියාසර කිරිමත්  කඳුමුදුන වෙත ගොඩ බෑමත්  මෙම මෙහෙයුම තුලදි සිදු කරන ලදි. ශි‍්‍ර ලංකා ගුවන් හමුදා නියමුවන් සතු මනා පුහුණූව හා පළපුරුද්ද මෙහෙදි මනාව ප‍්‍රදර්ශනය විය  අංක 06 පියාසර බලඝණයේ අණදෙන නිළධාරි විංග් කමාන්ඩර් කාලිංග මහිපාල මෙම මෙහෙයුෙමි ප‍්‍රධානතම නියමුවා ලෙස කටයුතු කළ අතර සහයක නියමුවා ලෙස ෆලයින් ලෙෆ්ටිනටි ඉෂාන් තිබිබටුමුනුව කටයුතු කරන ලදි.

 අංක 06 පියාසර බලඝණයට අයත් එම් අයි 171එස් එච් වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ඒ සදහා යොදාගත් අතර මෙම මෙහෙයුම සාර්ථකව සිදුකර ගැනිම සදහා එම බලඝණයේ සියළුම නිළයන් හට විශාළ පරිශ‍්‍රමයක් දැරිමට සිදුවිය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.