ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල මුල්ලේරියාව රොහලේ වාට්ටු අංක 3 හි සංචාරයක

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මැතිණියගේ මගපෙන්වීම මත ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ සේවා වනිතා ඒකකය 2014 දෙසැම්බර් මස මුල්ලේරියාව රෝහලේ වාට්ටු අංක 3 හි සංචාරයක නිරත විය.

මෙම රොහල් වාට්ටුවෙහි නඩත්තු කටයුතු ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරනු ලබන අතර මෙම සංචාරයයේදී ප‍්‍රථිකාර ලබන රෝගීන් සඳහා අවහ්‍ය සනීපාරක්‍ෂක උපකරණ ඇඳුම් පැලඳුම් ඇතුලු භාණ්ඩ රැසක් ප‍්‍රදානය කරන ලදී. එසේම රෝගීන්ගේ මානසික සෞඛ්‍ය වර්ධනය කරනු පිණිස විවිධ විනෝදාත්මක

වැඩසටහන් කිහිපයක්ම ඉදිරිපත් කරන ලද අතර ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල් කඳවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජල්දිනී සේනානායක මහත්මිය, නිළධාරීන්, නිළධාරිනියන්, ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් මෙන්ම ඒකල ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් ඇතුළු රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.