ඩෙංගු මර්ධනයට කටුනායක ගුවන් හමුදා කඳවුර දැක්වූ දායකත්වය අගය කෙරේ

”ඩෙංගු මර්ධන ජනාධිපති කමිටුවේ වගකීම් දරන්නෙකු වශයෙන්, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඩෙංගු මර්ධනය කිරීම වෙනුවෙන් තම ශ‍්‍රමය, අත්දැකීම අප සමග බෙදා හදා ගැනීමත් හදිසියේ සිදුකරන ලද දැනුම් දීම් වලට ඉක්මනින්, නිහතමානීව හා අවංකව දක්වන ලද දායකත්වය ගෞරවයෙන් යුතුව අගය කරමු.”

සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ ඩෙංගු මර්ධන ඒකකය මගින් ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපාරය වෙනුවෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව දක්වන ලද දායකත්වය ඇගයීමට ලක් කරමින් මෙලෙස ප‍්‍රකාශ කරන ලදී.

ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනේදී ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට ගම්පහ දිස්ත‍්‍රික්කය භාරදුන් අතර එහිදී ගුවන් හමුදාව නියෝජනය කරමින් ගුවන් හමුදා සාමාජිකයින් ගෙයින් ගෙට ගොස් නිරීක්‍ෂණය කරමින්, පිරිසිදු කිරීමේ ක‍්‍රීයාවළියේ හා ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගැනීමේ කාර්යය සිදු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.