අන්තර් ඒකක මල්ලවපොර තරඟාවළිය 2014

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක මල්ලවපොර තරඟාවළිය පසුගිය දෙසැම්බර් මස 05 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ක‍්‍රීඩා සංකීර්ණයේදී පවත්වන ලදී. කටුනායක ගුවන් හමුදා කඳවුරු 26 වෙනි රෙජිමේන්තු පක්‍ෂාංගය  සහ ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවයට හිමිකම් කියන ලදී. රත්මලාන ගුවන් හමුදා කඳවුර සහ බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපල කඳවුර  පිරිමි අනුශූරතාවයට හිමිකම් කියූ අතර කටුනායක ගුවන් හමුදා කඳවුරු 26 වෙනි රෙජිමේන්තු පක්‍ෂාංගය කාන්තා අනුශූරතාවය දිනා ගන්නා ලදී.

ගුවන් හමුදාවේ හිටපු සැපයුම් අධ්‍යක්‍ෂක සහ ක‍්‍රීඩා අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් එයාර් වයිස් මාර්ෂල් එල්මෝ පෙරේරා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ගුවන් හමුදා මල්ලවපොර සංචිතයේ සභාපති ගෲප් කැප්ටන් ප‍්‍රියන්ත වීරසිංහ, වැඩ බලන කඳවුරු අණදෙන නිළධාරී ගෲප්  කැප්ටන් දුෂාන් රත්නායක, නිළධාරීන් සහ සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී විය.

දක්‍ෂතම මල්ලවපොර ක‍්‍රීඩකයා
42648 නායක ගුවන් භට විමලරත්න එච්ඒඑල්ජීආර්

දක්‍ෂතම මල්ලවපොර ක‍්‍රීඩිකාව
වීඒඩබ් 01841 නායක ගුවන් කාන්තා රත්නායක ආර්එම්කේ



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.