පළමු ”ගුවන් ලක් සෙවන” නිවස ප‍්‍රදානය කෙරේ

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ක‍්‍රියාත්මක ”ගුවන් ලක් සෙවන” නිවාස ව්‍යාපෘතිය යටතේ සම්පූර්ණයෙන් ඉදිකර නිම කරන ලද පළමු නිවස ප‍්‍රදානය කිරීම පසුගිය දෙසැම්බර් මස 15 වන දින ගාල්ල හබරා¥වේදී සිදු කරන ලදී. 18774 සැරයන් පී‍්‍රති කුමාර හට මෙලෙස ඉදි කරන ලද නිවස ප‍්‍රදානය කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලකගේ ප‍්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ මූල්‍ය දායකත්වයෙන් ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක කාර්යාලයේ සහ කොග්ගල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී තුමන්ගේ අධීක්‍ෂණය යටතේ ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මැතිණිය,  ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එම්එල්කේ පෙරේරා සහ කොග්ගල ගුවන් හමුදා කඳවරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එස්සී විජේනායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.


                           
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.