”වින්ටර් වොන්ඩර්ලෑන්ඩ්” ඊගල්ස් ලේක් සයිඩ්හිදී

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරනු ලැබූ නත්තල් කැරොල් ප‍්‍රසංගය ”වින්ටර් වොන්ඩර්ලෑන්ඩ්” තේමාව යටතේ පසුගිය දෙසැම්බර් මස 18 වන දින සන්ධ්‍යාවේදී අත්තිඩිය ඊගල්ස් ලේක් සයිඩ් ගුවන් හමුදා උත්සව ශාලාවේදී පැවැත්විණි. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වාද්‍ය වෘන්දයේ පසුබිම් සංගීතයට ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් විසින් ගීත ඉදිරිපත් කරන ලදී. ආරාධිත ගීතිකා කණ්ඩායම වශයෙන් බිෂෝප් විද්‍යාලයීය ගීතිකා කණ්ඩායම සහභාගී විය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක හා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක විසින් ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මැතිණිය පිළිගන්නා ලදී. කොළඹ දිස්ත‍්‍රික් රදගුරු දිලෝරාජ් ආර්. කනගසබේ පියතුමන්, ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලෙෆ්ටිනන් ජෙනරාල් දයා රත්නායක සහ ශ‍්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ජයනාත් පෙරේරා ආරාධිත අමුත්තන් ලෙස සහභාගී විය.


Video




Click here
Related News Paper articles


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.