හයිටි රාජ්‍යයට ගුවන් සාම සාදක හමුදාවක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් හයිටි සාම සාධක රාජකාරි සදහා යන 10 වන කාණ්ඩය පසුගියදා (11 මැයි 10) ශ්‍රී ලංකා යුධ හමුදා කුකුලේගම පිහිටි එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයෙන් විසිර ගියහ. ගුවන් හමුදාවේ සියළුම අංශයන්ට අයත් මොවුන් ශ්‍රී ලංකා යුධ හා නාවික හමුදා සමග එක්ව එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරමින් හයිටි රාජ්‍යයේ රාජකාරී සදහා පිටත්ව යාමට නියමිතය.

මොවුන් විශේෂයෙන්ම වාහන /පුද්ගලයින් පාලනය කිරීමේ ක්‍රියාන්විත, කැලඹීමට පත්වූ සාමාන්‍ය ජනතාව සම්බන්ද ක්‍රියාන්විත, නිරායුධ කරණය/ පුනුරුත්ථාපනය/ ජන ජීවිතය මුදා හැරීම සහ වටලා සෙවීමේ ක්‍රියාන්විත්, වාහන රැලි ආරක්ෂක මුර
ක්‍රියාන්විත සහ මුර සංචාර මෙන්ම කෘතීම බෝම්බ පිළිබද ඉතා උසස් මට්ටමේ පුහුණුවක් ලබා දෙන ලදී.

හයිටි රාජ්‍යයේ වැසියන් සමග එක්ව ඉතා හොදින් රාජකාරී කටයුතු කරගෙන යැම සදහා අවශ්‍ය වන්නාවූ විශයන් පිළිබදව මොවුන් දැනුවත් කරන ලදී.ඒ යටතේ
එක්සත් ජාතීන්ගේ සංවිදානය හැදින්වීම සාම සාදක මෙහෙයුම් හැදින්වීම හයිටි වත්මන් තත්වය සංස්කෘතික වෙනස්කම් ජාත්‍යන්තර මානුෂවාදී නීතිය හා මානව හිමිකම් එච්.අයි.වී/ඒඩ්ස් දේශණ ලිංගික අපයෝජන එක්සත් ජාතීන්ගේ හකාස පිළිවෙත එක්සත් ජාතීන්ගේ විනය ආරක්ෂක රාජකාරී හයිටි අත්දැකීම් පිළිබදව සකච්ඡා කිරීම ක්‍රෙයෝල් භාෂාව මානසික ආත්තිය පාලනය කිරීම. යන විෂයන්
පිළිබද දැනුවත් කරන ලදී.

බලඝණ නායක ඒ.ඩි.ආර්. ලියනාඅරච්චි මෙම කණ්ඩායමට අණදෙන අතර බලඝණ නායක සේනාධීර සහ සෙසු නිලයන් 48 දෙනෙකුගෙන් මෙම කණ්ඩායම සමන්විතය.


හයිටි රාජ්‍යයට ගුවන් සාම සාදක හමුදාවක්හයිටි රාජ්‍යයට ගුවන් සාම සාදක හමුදාවක්හයිටි රාජ්‍යයට ගුවන් සාම සාදක හමුදාවක්හයිටි රාජ්‍යයට ගුවන් සාම සාදක හමුදාවක්හයිටි රාජ්‍යයට ගුවන් සාම සාදක හමුදාවක්හයිටි රාජ්‍යයට ගුවන් සාම සාදක හමුදාවක්හයිටි රාජ්‍යයට ගුවන් සාම සාදක හමුදාවක්හයිටි රාජ්‍යයට ගුවන් සාම සාදක හමුදාවක්හයිටි රාජ්‍යයට ගුවන් සාම සාදක හමුදාවක්හයිටි රාජ්‍යයට ගුවන් සාම සාදක හමුදාවක්හයිටි රාජ්‍යයට ගුවන් සාම සාදක හමුදාවක්හයිටි රාජ්‍යයට ගුවන් සාම සාදක හමුදාවක්හයිටි රාජ්‍යයට ගුවන් සාම සාදක හමුදාවක්හයිටි රාජ්‍යයට ගුවන් සාම සාදක හමුදාවක්හයිටි රාජ්‍යයට ගුවන් සාම සාදක හමුදාවක්හයිටි රාජ්‍යයට ගුවන් සාම සාදක හමුදාවක්හයිටි රාජ්‍යයට ගුවන් සාම සාදක හමුදාවක් 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.