භෝජනාගාර සහායක උසස් පාඨමාලාවන්හි සහතිකපත් ප‍්‍රදානය

සීගිරිය ගුවන් හමුදා කඳවුරේ සත්කාරක කළමණාකරන පුහුණු පාසලේ පැවැත්වූ භෝජනාගාර සහායක උසස් පාඨමාලාවන් දෙකක සහතික පත් ප‍්‍රදානය පසුගිය දෙසැම්බර් මස 26 වන දින සත්කාරක කළමණාකරන පසලේදී පවත්වන ලදී.
 
මෙහිදී අංක 02/2014 සහ අංක 03/2014 පාඨමාලාවන් හැදෑරූ ගුවන් භටයින් 60 දෙනෙකු සඳහා මෙම සහතික පත් ප‍්‍රදානය සිදු කරන ලදී.

ගුවන් හමුදා සැපයුම් අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් ඞීඑල්එස් ඩයස් ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර සීගිරිය ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එල්එච්එන් ජයතිලක, වැඩබලන ප‍්‍රධාන උපදේශක ස්කොඞ්රන් ලීඩර් එන්සී සේනානායක, නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් ද මෙම අවස්ථාවට එක්විය.

දක්‍ෂතම භෝජනාගාර සහායකයා අංක 02/2014 - 35550 නායක ගුවන් භට ලක්මාල් කේජීඑස්

දක්‍ෂතම භෝජනාගාර සහායකයා අංක 03/2014 - 36688 නායක ගුවන් භට විමලරත්න ඩබ්ජීඑල්ඞී



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.