තරුණ ගුවන් යානා තාක්‍ෂණික සමාජයේ තුන්වන වැඩමුළුව

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය මගින්තරුණ ගුවන් යානා තාක්‍ෂණික සමාජයේ සමාජික සාමාජිකාවන් වෙනුවෙන් පවත්වනු ලබන වැඩමුළු මාලාවේ තුන්වන වැඩමුළුව පසුගිය දා රත්මලාන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරයේදී පවත්වන ලදී. මෙහිදී මෙම වැඩමුළු මාලාවේ පළමුවන සහ දෙවන වැඩමුළු සම්පූර්ණ කරන ලද සිසු දරු දැරියන් 340 දෙනෙකු මෙම වැඩමුළුව සඳහා සහභාගී වූහ.

මෙහිදී ගුවන් යානා එන්ජින් පිළිබඳව න්‍යායික හා ප‍්‍රායෝගික දැනුම ලබාදෙන ලද අතර වැඩමුළුව අවසානයේ සහික පත‍්‍ර ප‍්‍රදානයක්ද සිදු කරන ලදී.

ගුවන් හමුදා ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් අජන්ත ද සිල්වා, ගුවන් යානා සහායක පක්‍ෂාංගයේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස්ටීආර් දේවසිරි, ගුවන් හමුදා කෞතුකාගාරයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් සීබී ලියනගේ සහ අංක 08 පියාසර බළඝණයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් කුරුවිට ආරාධිත අමුත්තන් ලෙස සහතික පත‍්‍ර ප‍්‍රදානයට සහභාගී වූ අතර ගුවන් හමුදා කෞතුකාගාරයේ කාර්ය මණ්ඩලය සහ සිසු දරු දැරියන්ගේ දෙමව්පියන්ද මෙම අවස්ථාවට සහභාගී විය.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.