ක්‍රිස් ගුණරත්න මේස පන්දු තරගාවලියේ වැඩි දස්කම් ගුවන් හමුදාවෙන්

මැයි මස 07 දින සිට පුරා දින තුනක් තිස්සේ ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ථ ක්‍රිඩාගාරයේදි පැවති ක්‍රිස් ගුණරත්න අනුස්මරණ සමස්ත ලංකා විවෘත ශ්‍රේණිගත මේස පන්දු තරගාවලියේ විවෘත පිරිමි හා කාන්තා කේවල ශුරතා දිනාගන්නට ගුවන් හාමුදාවේ රොහාන් සිරිසේන හා ඉශාරා මධුරංගි සමත් විය.

ගුවන් හමුදා ආධිපත්‍යට නතු වු මෙම තරගාවලියේ විවෘත පිරිමි කේවල,මිශ්‍ර යුගල හා අවුරැදු 21න් පහළ කාන්තා කේවල යන ඉසව්වන්හි අවසන් තරග ගුවන් හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන් අතර පැවතිම විශේෂත්වයක් විය.

තවද මෙම තරගාවලියේදි ගුවන් හමුදාව නියෝජනය කල රොහාන් සිරිසේන පිරිමි කේවල, පිරිමි යුගල හා මිශ්‍ර යුගල යන ත්‍රිත්ව ශුරතා හිමි කර ගනිද්දි ඉෂාරා මධුරංගිද කාන්තා කේවල අවුරුදු 21න් පහල බාලිකා හා මිශ්‍ර යුගල යන ත්‍රිත්ව ශුරතා ගුවන් හාමුදාවට තිළිණ කරන්නට සමත්විය.



තරග ප්‍රතිඵල

පිරිමි කේවල විවෘත
ශුරතාවය        රොහාන් සිරිසේන
අනු ශුරතාවය  මිලින්ද ලක්ෂිත

කාන්තා කේවල විවෘත
ශුරතාවය        ඉෂාරා මදුරංග
අනු ශුරතාවය  නිර්මානි සිල්වා

පිරිමි යුගල විවෘත
ශුරතාවය   රොහාන් සිරිසේන/මිලින්ද ලක්ෂිත

කාන්තා යුගල විවෘත
අනු ශුරතාවය නිර්මානි සිල්වා/ශානිකා සිල්වා

අවසන් පුර්ව වටය දක්වා ශ්‍රිමාලි විමලරත්න/රුශානි විජේකෝන්

විවෘත මිශ්‍ර යුගල
ශුරතාවය රොහාන් සිරිසේන/ඉශාරා මදුරංගි
අනු ශුරතාවය මිලින්ද ලක්ෂිත/ශානිකා සිල්ව

අවුරුදු 21න් පහල කාන්තා
ශුරතාවය ඉශාරා මදුරංගි
අනු ශුරතවය නිර්මානි සිල්වා

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.