කැඩෙට් නිළධාරී මූලික ගොඩබිම් සටන් පුහුණු පාඨමාලාව විසිර යයි

දියතලාව ගුවන් හමුදා ගොඩබිම් සටන් පුහුණු පාසලේ පාඨමාලාව හදාරනු ලැබූ අංක 57 කැඩෙට් නිළධාරී පාඨමාලාව හා අංක 32 කොතලාවල ආරක්‍ෂක විද්‍යාලයීය පාඨමාලාවේ පිළිවෙලින් නකැඩෙට් නිළධාරීන් 20 ක් සහ කැඩෙට් නිළධාරීන් 8 දෙනෙකු විසිර යාම පසුගිය දෙසැම්බර් මස 29 වන දින සිදු කරන ලදී.

කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඞීජේසී වීරකොන්, නිළධාරී අණදෙන පුහුණු විංග් කමාන්ඩර් ජීපීඑන්සී පියසේන විසින් මෙම පාඨමාලාවන් සඳහා මගපෙන්වන ලදී. පාඨමාලාව සති 16 ක් පුරාවට පවත්වන ලද අතර සරඹ, අවි සරඹ, ක්ෂේත‍්‍ර පුහුණුව, උපාය, ගිනි නිවීම, ගුවන් හමුදා පරිපාලනය, ප‍්‍රථමාධාර, නීළධාරීන්ගේ සාමාන්‍ය වගකීම් සහ ප‍්‍රායෝගික පුහුණුවීම් මෙම පඨමාලාවට අන්තර්ගත විය.

අංක 57 කැඩෙට් නිළධාරී පාඨමාලාවේ ත්‍යාග සහ සහතිකපත් ලාභීන්

සරඹ අතින් දක්‍ෂතම කැඩෙට් නිළධාරියා - 12026 කැඩෙට් නිළධාරී මධුශංක පීඒකේ
දක්‍ෂතම ශිෂ්‍යයා - 12018 කැඩෙට් නිළධාරී රොද්‍රිගෝ ටීඑම්ටීආර්
ක‍්‍රීඩා අතින් දක්‍ෂතම කැඩෙට් නිළධාරියා - 12016 කැඩෙට් නිළධාරී මඩුගල්ලේ ඞීඩබ්ආර්එන්ජීඞීපී
දක්‍ෂතම වෙඩික්කරු - 12025 කැඩෙට් නිළධාරී ලංාතිලක එන්එම්එස්ජේ
සෑම අතින්ම දක්‍ෂතම කැඩෙට් නිළධාරියා - 12018 කැඩෙට් නිළධාරී රොද්‍රිගෝ ටීඑම්ටීආර්


අංක 32 කොතලාවල ආරක්‍ෂක විද්‍යාලයීය පාඨමාලාවේ ත්‍යාග සහ සහතිකපත් ලාභීන්

සරඹ අතින් දක්‍ෂතම කැඩෙට් නිළධාරියා - 4645 කැඩෙට් නිළධාරී දිනෂාන් ඒඑස්කේඞීඑන්
දක්‍ෂතම ශිෂ්‍යයා - 4645 කැඩෙට් නිළධාරී දිනෂාන් ඒඑස්කේඞීඑන්
ක‍්‍රීඩා අතින් දක්‍ෂතම කැඩෙට් නිළධාරියා - 4707 කැඩෙට් නිළධාරී සේනාධීර පීජේඑච්කේඑම්
දක්‍ෂතම වෙඩික්කරු - 4573 කැඩෙට් නිළධාරී සේනාධීර ආර්ඊ
සෑම අතින්ම දක්‍ෂතම කැඩෙට් නිළධාරියා - 4645 කැඩෙට් නිළධාරී දිනෂාන් ඒඑස්කේඞීඑන්


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.