රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අළුතින් ඉදිකරන ලද පිහිනුම් තටාකය විවෘත කෙරේ



-->

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශාලතම පිහිනුම් තටාකය ලෙස රත්මලාන ගුවන් හමුදා කවුරේ අභිනවයෙන් ඉදිකරන ලද පිහිනුම් තටාකය විවෘත කිරීම පසුගිය ජනවාරි මස 20 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක විසින් සිදු කරන ලදී. මෙම පිහිනුම් තටාක සංකීර්ණයේ පළමු අදියර ඉදිකිරීම ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකය විසින් සිදු කරන ලදී.

 ගුවන් හමුදා ප්‍රධාන මාණ්ඩලික නිළධාරී එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය, රත්මලාන ගුවන් හමුදා කවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ජයසිංහ, නිළධාරීන් සහ සෙසු නිළයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.