ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම නැවතත් කරළියට

 ඩයලොග් ලීග් කුසලාන "ඒ" කොටසේ රග්බි තරඟාවළියේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ හම්බන්තොට ශාර්ක්ස් කණ්ඩායම අතර පැවති තරඟය ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත්කම් දක්වන ලදී. තරඟය පසුගිය ජනවාරි මස 23 වන දින රත්මලාන ගුවන් හමුදා කඳවුරු රග්බි ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී.  

මෙහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම ගොල දිනුම් 7ක්, උත්සාහක දිනුම් 2ක්, දඬුවම් පහර 2ක් සමඟින් ලකුණු 68 ක් ලබා ගත් අතර හම්බන්තොට ශාර්ක්ස් කණ්ඩායමට ලබා ගතහැකිවූයේ ලකුණු 15 ක් පමණි.

තරඟයේ පළමු අර්ධය නිමාවන විට ගුවන් හමුදා කන්ඩායම ලබාගත් ලකුණු 39 ට පිළිතුරු ලෙස හම්බන්තොට ශාර්ක්ස් කණ්ඩායම ලකුණු 5ක් ලබා ගත් අතර දෙවන අර්ධයේදී ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 29 ක් සහ හම්බන්තොට ශාර්ක්ස් කණ්ඩායම ලකුණු 10 ක් ලබාගන්නා ලදී.



News Paper Aticle

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.