අංක 29 පැරෂුට් පුහුණු පාටමාලාව විසිර යයි

අංක 29 පැරෂුට් පුහුණු පඨමාලාව පසුගිය පෙබරවාරි මස 06 වන දින අම්පාර ගුවන් හමුදා කඳවුරේදී විසිර යන ලදී. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කොලිත ගුණතිලක ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්්ථාවට සහභාගී වූ අතර ත‍්‍රිවිධ හමුදා සහ පොලීසියේ නිලධාරීන්, සිවිල් පරිපාලන නිළධාරීන්, අම්පාර ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් චමින්ද වික‍්‍රමරත්න, පැරෂුට් පුහුණු පාසලේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ජගත් ගොඩකන්ද, දෙමාපියන් සහ පුහුණුවන්නන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

විසිරියාමේ උත්සවය ආරම්භ කරමින් මුලික පැරෂුට් පුහුණු පාඨමාලාව හැදෑරූ පුහුණුවන්නන් විසින් එමඅයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක සිට පැරෂුට් පැනීම සිදු කරන ලද අතර අනතුරුව ”ස්කයි ඩයිවර්ස්” පැරෂුට් භටයින් විසින් අලංකාර සංදර්ශනයක් ඉදිරිපත් කරන ලදි. මෙහිදී පැරෂුට් පුහුණු පාසලේ ප‍්‍රධාන උපදේශක ස්කොඞ්රන් ලීඩර් සීඑස් පියසුන්දර විසින් ගුවන් හමුදා ධජය ගොඩබිමට රැුගෙන ඒම සිදු කරන ලදි.

ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම අලංකාර තූර්ය වාදක සංදර්ශනයක් ඉදිරිපත් කරන ලද අතර අනතුරුව ප‍්‍රධාන ආරාධිත අමුත්තා විසින් පැරෂුට් භටයින්ට නිළ ලාංඡුන පැළඳවීම සිදු කරන ලදී. කෝප‍්‍රල් කිත්සිරි එම්කේඒජීඒඑන් දක්‍ෂතම පැරෂුට් පනින්නා ලෙස සම්මාන හිමි කර ගන්නා ලදි.




News Paper

The island

Rivira

Ada

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.