අන්තර් ඒකක පාපනුදු ශූරතාවය ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පසලට

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල 2015 අන්තර් ඒකක පාපන්දු ශූරතාවය දිනා ගැනීමට පසුගිය පෙබරවාරි මස 20 වන දින සමත්කම් දක්වන ලදී.

අවසන් තරඟයේදී ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල විසින් බණ්ඩාරනායක අන්තර්ජතික ගුවන් තොටුපොල ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම ගෝල 1-0 ක් ලෙස පරාජයට පත්කරන ලදී. කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එස් කේ පතිරණ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වි. තරඟය කටුනායක ගු-වන් හමුදා ක‍්‍රිඩා පිටියේදී පවත්වන ලදී.

දක්‍ෂතම ක‍්‍රිඩකයා

ටීඒ 31798 තීක්ෂණ එන් ටී - (ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල)

දක්‍ෂතම දැල් රකින්නා

015094 නායක ගුවන් භට විජේරත්න කේඑල් - (බණ්ඩාරනායක අන්තර්ජතික ගුවන් තොටුපොල ගුවන් හමුදා කඳවුර)

වැඩිම ගෝල වාර්ථා කල ක‍්‍රීඩකයා
45546 නායක ගුවන් භට ශෙහාන් එස්යූ - (ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල)

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.