ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායම ශී‍්‍ර ලංකා පොලීසිය පරදවයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායම විසින් ශ‍්‍රී ලංකා පොලීසිය පැරදවීමට සමත් කම් දක්වන ලදී. පසුගිය පෙබරවාරි මස 20 වන දින රත්මලාන ගුවන් හමුදා රග්බි ක‍්‍රීඩාංගණයේදී පවත්වන ලද මෙම තරඟය ඩයලොග් අන්තර් සමාජ ”ඒ” කාණ්ඩයේ රග්බි තරඟාවළිය යටතේ පවත්වන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ගෝල 4 ක්, ප‍්‍රවර්තනය නොකල උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහර 2 ක් මගින් ලකුණු 44 ක් ලබා ගන්නෙ ලදි. ෆීජි ජාතික ක‍්‍රීඩක ඔපාති බෙලේනා, ගුවන් භට නුවන් පෙරේරා,  නායක ගුවන් භට සූර්ය ක‍්‍රිෂාන්, නායක ගුවන් භට රනිල් මැදගෙදර උත්සාහක දිනුම් වාර්ථා කල අතර ගුවන් භට ක‍්‍රිෂාන් විසින් උත්සාහක දිනුම් ප‍්‍රවරථනය කරන ලද අතර ගුවන් හමුදාව විසින් ලබාගත් දඬුවම් පහර දෙකද ඔහු විසින් එල්ල කරන ලදී.

ශ‍්‍රි ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක ප‍්‍රධාන ආරාධීත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවය සහභාගී වු අතර ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සබාපතිනී රොෂානි ගුණතිලක මැතිණිය, ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ජීපී බුල්ත්සිංහල, ගුවන් හමුදා විද්‍යුත් හා විදුලි සංදේශ අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ආර්ජේ පතිරගේ, රත්මලාන ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් පීඞීකේටී ජයසිංහ ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.