අන්තර් ජාතික හමුදා ක‍්‍රිඩා මණ්ඩල දින ධාවනය 2015

අන්තර් ජාතික හමුදා ක‍්‍රිඩා මණ්ඩල දිනය ධාවනය මෙවර ශ‍්‍රී ලංකා ගවන් හමුදා රයිෆල් ග‍්‍රීන් ක‍්‍රිඩාංගනය අභියසින් 2015 පෙබරවාරි මස 22 වන දින උදෑසන ආරම්භ කරන ලදී. ශී‍්‍ර ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා, ශ‍්‍රි ලංකා ගුවන් හමුදාධිපති හා ආරක්‍ෂක සේවා ක‍්‍රිඩා මණ්ඩලයේ වර්ථමාන සභාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක, මේජර් ජෙනරාල් ඊඑම්එම් අඹන්පොල, යුධ හමුදාධිපති නියෝජනය කරමින් යුධ හමුදා උප මාණ්ඩලික ප‍්‍රධානී ලූතිනන් ජනෙරාල් ක‍්‍රිෂාන්ත ද සිල්වා ධාවනයේ ප‍්‍රදානත්වය ගන්නා ලදී.

ති‍්‍රවිධ හමුදාව නියෝජනය කරමින් සියයකට අධික පිරිසක් මෙම කි මි 2 කින් යුක්ත වූ ධාවනයට එක්විය. 1948 වසරේ පෙබරවාරි මස 18 වන දින ආරම්භ කරන ලද අන්තර් ජාතික හමුදා ක‍්‍රිඩා මණ්ඩලය විසින් විවිද ක‍්‍රීඩා අංගයන් රැුසක් සංවිධානය කරනු ලබයි. රටවල් 133 කගේ සාමාජිකත්වයෙන් යුත් මෙම මණ්ඩලය මගින් 1998 වසරේ අත්සන් තබන ලද සම්මුතියකට අනුව ක‍්‍රියාත්මක වන ධාවනයක් වන මෙය සාමාජික සියළුම රටවල හමුදාවන් විසින් සිදුකරනු ලබයි. ”ක‍්‍රිඩාව තුළින් මිත‍්‍රත්වය” යන පාඨය තේමාව කොට ගනිමින් අන්තර්ජාතික හමුදා ක‍්‍රීඩා මණ්ඩලය මගින් විවිධ රටවල හමුදාවන්හි සුහදතාවය මිත‍්‍රත්වය වර්ධනය කරනු වස් මෙවන් වූ ක‍්‍රීඩා අංගයන් පවත්වනු ලබයි.

ශ‍්‍රී ංලකා ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, ගුවන් හමුදා නිළධාරීන්, සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.