2014 වසරේ විශිෂ්ටතම ගුවන් භටයා සම්මානය දිනූ බලපංති සැරයන් ජයතිලක එන්ආර් බලලත් නිළධාරී නිළයට උසස් කෙරේ

පසුගිය මාර්තු මස 03 වන දින පැවති ගුවන් හමුදා විශිෂ්ටතා සමිමාන උලෙලේදී 2014 වසරේ විශිෂ්ටතම ගුවන් භටයාට හිමි සම්මානය දිනා ගත් බලපංති සැරයන් ජයතිලක එන්ආර් බලලත් නිළධාරී නිලයට උසස් කිරීම පසුගිය මාර්තු මස 10 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක විසින් ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදී.

මොහු කටාන පූදේශයේ ජීවත් වන අතර 1996 වසරේ ගුවන් හමුදාවට බැඳුණු අතර විදුලි කාර්මික ශිල්පියෙකු වශයෙන් කටුනායක ගුවන් හමුදා කඳවුරේ දැනට සේවය කරනු ලබයි. මොහු තිඹිරිගස්කඩුව මහා විධයාලයේ සහ දිවුලපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. මොහු එච්ඒඑන් ප්‍රභාෂීනී හා විවාහ වී සිටින අතර එක් දියණියෙකුද වෙයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට විශාල මුදලක් ඉතිරි කර දෙමින් මොහු විසින් ගුවන් ධාවන පථ ආලෝක සංඥා පද්ධතිය නිපදවන ලද අතර මොහුට ඒ සඳහා වැයවී ඇත්තේ රු 2000 ක පමණ මුදලකි. එසේම මොහු ගුවන් හමුදාවේ විදුලි කාර්මික ශිල්පී වෘත්තීය පාඨමාලාවේ විෂය නිර්දේශයද සකස් කර ඇත.



 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.