ශ්‍රී ලංකා ගුවන් හමුදාව බීච් කබඩි ක්‍රීඩාව හදුන්වා දෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කබඩි ක්‍රීඩාව තවත් පියවරක් ඉදිරියට තබමින්, බීච් කබඩි ක්‍රීඩාව ශ්‍රී ලංකාවට පසුගියදා (15)හදුන්වා දෙන ලදී.

පුහුණු කරුවන්ගේ, විනිශ්‍ය කරුවන්ගේ සහ නිලධාරින්  වෙනුවෙන් වූ බීච් කබඩි ක්‍රිඩාවේ පළමු වැඩ මුළුව මේ මස 15 වන දින ඒකල කදවුරේදී පැවැත්වින.ගුවන් හමුදා කබඩි සංගමයේ සභාපති ගෲප් කපිතාන් ජානක අමරසිංහ මහතාගේ මෙහෙය වීමෙන් ශ්‍රී ලංකා ආධුනික කබඩි සංගමය   සමග එක්ව මෙය සංවිධානය කරන ලදී.

වසර කිහිපයක් තිස්සේ විකාශනය වෙමින් ආ ජනප්‍රිය ක්‍රීඩාවක් වන මෙය ඉංදියාවේ අතිශයෙන් ජනප්‍රිය වූ අතර පසුව ආසියානු සහ අරාබි රටවල් අතර විකාශනය විය.1974 දී මෙම ක්‍රීඩාව ශ්‍රී ලංකාවට හදුන්වා දුන් අතර 1993 සාෆ් ක්‍රීඩා උලෙලට සහභාගි විය.ශ්‍රි ලංකා ආධුනික කබඩි සංගමය විසින් සංවිධානය කල ජාතික ශූරතාවය 1993 දී ප්‍රථම වතාවට දිනාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වර්තමානය වන විට පසුගිය වසරේ පිරිමි හා කාන්තා ශූරතාවයන් දෙකම ඇතුලුව ජයග්‍රහණ රාශියක් අත්පත් කරගෙන ඇත.

15 වන දින පැවති වැඩමුළුවට මුලතිව්, යාපනය, ත්‍රීකුණාමලය,අදී ප්‍රදේශවලින් ඇතුළුව පුහුණුකරුවන් විනිශ්‍යකරුවන් හා නිලධාරීන් 40 ක් පමණ සහභාගි විය. ජා ඇල පමුණුගම වෙරළ තීරයේදී මෙහි ප්‍රායෝගික වැඩමුළුව පවත්වන ලදී.
 
ආධුනික  කබඩි සංගමයේ ලේකම් එම්.ටී ප්‍රනාන්දු,යුධ හමුදා කබඩි ක්‍රීඩා සංගමයේ සභාපති බ්‍රිගේඩියර් අබන්පොල, නාවික හමුදා කබඩි ක්‍රීඩා සංගමයේ සභාපති කපිතාන් හෙට්ටිආරච්චි හා ගුවන් හමුදා කබඩි ක්‍රීඩා සංගමයේ සභාපති ගෲප් කපිතාන් ජානක අමරසිංහ මේ අවස්ථාවට සහභාගි විය.      


Helitours  to
The ForeHelitours  to The ForeHelitours  to
The ForeHelitours  to The ForeHelitours  to
The ForeHelitours  to The ForeHelitours  to
The ForeHelitours  to The ForeHelitours  to
The Fore


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.