ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික මහා සභා රැස්වීම

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ වාර්සික මහා සභා රැස්වීම පසුගියමාර්තු මස 12 වන දින ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මැතිණියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථාන ශ්‍රවණාගාරයේ පවත්වන ලද මෙම රැස්වීම සඳහා රටපුරා පිහිටි ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකයන්හි සභාපතිනියන් සහ සේවා වනිතා එංශ භාර නිළධාරීන් සහභාගී වූහ.

ගුවන් හමුදා සේවා වනිතා ගීතය ගැයීමෙන් ආරම්භ කරන ලද මහා සභා රැස්වීම සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මැතිණිය විසින් පිලිගැනීමේ කථාව සිදු කරන ලදී. අනතුරුව පසුගිය සභා වාර්ථාව ඉදිරිපත් කිරීම සේවා වනිතා ඒකකයේ ලේකම් ස්කොඩ්රන් ලීඩර් චාමිනී ගමගේ විසින් සිදු කරන ලදී. සේවා වනිතා ඒකකයේ භාණ්ඩාගාරික ස්කොඩ්රන් ලීඩර් හර්ෂ නානායක්කාර විසින් පසුගිය වසරේ ගිණුම් වාර්ථාව ඉදිරපති කරන ලදී. අනතුරුව ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සිදු කරන ලද ක්‍රියාකාරකම් පිළිබඳව වාර්තාවක් ස්කොඩ්රන් ලීඩර් චාමිනී ගමගේ විසින් ඉිදිරිපත් කරන ලදී. අනතුරුව එක් එක් කඳවුරු සේවා වනිතා ඒකකයන් මගින් සිදු කරන ලද ක්‍රියාකාරකම් පිලිබඳව වාර්තා ඉදිරිපත් කිරීම සිදු කරන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.