පාලවිය ගුවන් හමුදා කඳවුරු වාර්ෂික පිරිත් සජ්ජායනය

පාලවිය ගුවන් හමුදා කඳවුර මගින් වාර්ෂිකව සිදු කරනු ලබන සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාව පසුගිය මාර්තු මස 19 සහ 20 යන දිනයන්හිදී කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් නිශාන්ත ප්‍රියදර්ශනගේ මගිපෙන්වීම මත සිදු කරන ලදි. ගුවන් හමුදාවේ 64 වන සංවත්සරයට සහ නැවත ස්තාපිත කරනු ලැබූ බෝම්බ නිෂ්ක්‍රීය පුහුණු පාසලේ 03 වන සංවත්සරයට සමගාමීව මෙම පිරිත් සජ්ජායනාව පවත්වන ලදි.
මෙහි ආගමික වතාවත් සිදු කිරීම පාලවිය අත්තවිල්ලුව ශ්‍රී සුධර්මාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය  තංගල්ල නන්ද හිමිපාණන් විසින් සිදු කරන ලදී.
පිරිත් සජ්ජායනාව ඉතාමත් අලංකාරව ආරම්භ රන ලද අතර එහිදී ගුවන් හමුදාධිපතිතුමන්, දේශයේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් දිවි පිදූ ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්, ආබාධිත රණවිරුවන්, ගුවන් හමුදාවේ දැනට සේවයේ යෙදී සිටින සාමාජික සාමාජිකාවන්, ගුවන් හමුදාවේ විශ්‍රාමික ගුවන් හමුදා සාමාජික සමාජිකාවන් සහ පවුල්වල සාමාජික සාමාජිකාවන් හට සෙත් පැතීමද සිදු කරන ලදි.
සියළුම කඳවුරු සාමාජික සාමාජිකාවන්, පුත්තලම දිස්ත්‍රික්කයේ ර‍ජයේ නිලධාරීන් ඇතුලු රැසක් පිරිත් ශ්‍රවනය සඳහා එක්වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.