ගෝල්ඩන් ඊගල් වෙඩි තැබීමේ තරඟාවළිය 2015

ගෝල්ඩන් ඊගල් වෙඩි තැබීමේ තරඟාවළිය පසුගිය මාර්තු මස 26 වන දින සිට 28 වන දා දක්වා වැලිසර නාවික හමුදා වෙඩි පිටියේදී පවත්වනු ලැබිණි. මෙහිදී කාන්තා පිරිමි ශූරතාවයන් ද්විත්යම ජයග්‍රහණය කිරීමට ගුවන් හමුදා වෙඩි තැබීමේ කණ්ඩායම් සමත්කම් දක්වන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජාතික රයිෆල් සම්මේලනය සහ වැලිසර නාවික හමුදා වෙඩි පිටිය විසින් මෙම තරඟාවළිය සංවිධානය කරන ලදී. මෙම තරඟාවළිය ජාත්‍යාන්තර නීති රීතීන්ට අනුකූලව පවත්වන ලද අතර රට වටා පිහිටි වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් 130 කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී වූහ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එායර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ජාතික රයිෆල් සම්මේලනයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් කිෂාන් යහම්පත් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.



 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.