මඩකලපුව ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර සිය 32 වන සංවත්සරය සමරයි

මඩකලපුව ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර පසුගිය මාර්තු මස 27 වන දින සිය 32 වන සංවත්සරය සමරන ලදී. කඳවුරු වැඩබලන අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් බීපී කරුණානායක ඇතුළු නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සංවත්සර දින වැඩ සටහන පවත්වන ලදී.

සංවත්සර දින සැමරුමට සමගාමීව ආරම්භ කරමින් ගෘප් කැප්ටන් අතුල කළුආරච්චි ගේ අනුදැනුම මත කරවෙට්ටි ප්‍රදේශයේ වෛද්‍ය, දන්ත සහ ඇස් සායනයක් පවත්වන ලදී. මෙහිදී 600 කට අධික පිරිසක් මෙමගින් වෛද්‍ය පහසුකම් ලබා ගත් අතර මිලියන 1 කට ආසන්න ඖෂධ ප්‍රදේශවාසීන් හට නොමිලයේ ලබා දෙන ලදී. 29 වෙනි රෙජිමේන්තු පක්ෂාංගය මගින් මඤ්ඤොක්කා දන්සැලක්ද පවත්වන ලදි. සංවත්සර දින වැඩසටහනට සමගාමීව මාර්තු මස 26 වන දින මඩකලපුව දිසා රෝහලේ සහයෝගය ඇතිව ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වනු ලදී. මෙහිදී 100 කට අධික පිරිසක් ලේ දන්දීමේ නිරත විය.

සංවත්සර දින පෙළපාලිය කඳවුරු වැඩබලන අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් බීපී කරුණනායක විසින් නිරීක්ෂන කරන ලදී. සංවත්සර දින වැඩසටහන පළමු වතාවට පවත්වනු ලැබූ රාත්‍රී ක්‍රිකට් තරඟාවලියකින් නිමාවට පත්විය. එහිදී නිළධාරීන්, සෙසු නිලයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ තරඟ වැදුණු අතර කෝප්‍රල්වරැන් සහ නායක ගුවන් භටයින් සම ශූරතාවය හිමිකරගන්නා ලදී.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.