ගුවන් හමුදා පාපැදි සවාරිය 2015 - පළමු අදියර

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් සංවිධානය කරනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක විසින් අප්‍රේල් මස 2 වන දින ආරම්භ කරන ලදී.

ගුවන් හමුදා 64 වන සංවත්සරයට සමගාමීව පවත්වනු ලබන පාපැදි සවාරිය මෙවර පවත්වනු ලැබුවේ 16 වන වතාවට වන අතර ඒ සඳහා අබාන්ස් ආයතනය ප්‍රධාන අනුග්‍රහය දක්වන ලදි.

පිරිමි තරඟය පළමු අදියර කොළඹ ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ වී මාතලේ දක්වා කි.මී. 158 ක දුරකින් යුක්ත විය. පාපැදි කරුවන් 150 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් තරඟවැදුණු අතර ගුවන් හමුදාවේ නිදුෂ් නිරන්ත  පළමු ස්ථානය දිනා ගනු ලැබූ අතර ගුවන් හමුදාවේම බුද්ධික වර්ණකුලසූරිය දෙවන ස්ථානයත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සීඑම් විරාන් තුන්වන ස්ථානයත් දිනා ගන්නා ලදී.


  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.